Friday, April 19, 2024

General line - 0115112241

ස්පාඤ්ඤයේ අගමැති බිරිඳටත් කොරෝනා වැළදේ




ස්පාඤ්ඤයේ අගමැති Pedro Sanchez ගේ බිරින්ද වන Begona Gomez හට නව කොරෝනා වෛරසය වැලදී අති බව එරට අගමැති කාර්යාලය නිවේදනය කර සිටිනවා.

මේ වන විට ඇයගේ තත්ත්වය යහපත් බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය අවම කිරිම සඳහා ඊයේ දින සිට ස්‌පාඤ්ඤයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති අතර දින 15 ක කාලයක් එරට සම්පුර්ණයෙන් වසා දැමීමට අගමැතිවරයා නියෝග කරනු ලැබුවා.

මේ වන විට ස්පාඤ්ඤයේ කොරෝනා වෛරසය හේතුවෙන් පුද්ගලයින් 191 ක් දෙනෙක් මියගොස් ඇති අතර වාර්තා වන රෝගීන් සංඛ්‍යාව 6,046ක් වනවා.