නව කොරෝනා හෙවත් කොවිඩ්-19 වෛරසය ආසාධනය වීමෙන් ඉරානය තුළ සිදුවු පුද්ගල මරණ සංඛ්‍යාව 26 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ගතවූ පැය 24 තුළදී එරටින් නව ආසාධිතයන් 106 දෙනෙකු වාර්තා වී ඇති අතර සමස්ත ආසාධිතයන් ගණන 245 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් වාර්තා සදහන් කළා.
මේ අතර අද දිනයේදී මහා බ්‍රිතාන්‍යයෙන් තවත් ආසාධිතයන් දෙදෙනෙකු හමුවී ඇති අතර ඒ අනුව මුලු ආසාධිතයන් ගණන 15 දක්වා වැඩිවී තිබෙනවා.
වෛරසය පාලනය කිරීමේ අරමුණින් ලබන 2 වනදා සිට සියලුම පාසල් වසා දැමීමට ජපානය අද තීරණය කර තිබෙනවා.
සති කිහිපයක් එලෙස පාසල් වසා තැබීමට සිදුවනු ඇති බව අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතා පැවසුවා.
මේ අතර චීනයේ ග්වන්ග්ඩොන් ප්‍රාන්තයේදී වෛරසය වැළඳී සුව වූ පිරිසකට නැවත වෛරසය ආසාධනය වී ඇතැයි අනාවරණ වී තිබෙනවා.