(විනීතා එම් ගමගේ)
කොළඹ නාලන්දා විද්‍යාලයේ හිටපු විදුහල්පතිවරයකු වූ ධර්ම ගුණසිංහ මහතා අද (22) අභාවප්‍රාප්ත විය.
90 වැනි වියට පා තබන්නට දින දෙකක් තිබියදී ගුණසිංහ මහතා අභාවප්‍රාප්ත විය.1958 දශකයේ මුල් කාලයේ විද්‍යා ගුරුවරයකු ලෙස නාලන්දා කාර්ය මණ්ඩලයට එක්ව පුරා වසර විස්සක් තිස්සේ එහි සේවය කළ ගුණසිංහ මහතා එහි කණිෂ්ඨ අංශයේ විදුහල්පතිවරයා ලෙස ද කටයුතු කර ඇති අතර පසුව 1982 දී විදුහල්පති තනතුරට පත්ව 1990 දී විශ්‍රාම යනතුරු සේවය කළේය.
මෙරට පළමු ක්‍රිකට් නායක බන්දුල වර්ණපුර මෙන්ම මහේල ජයවර්ධන, කුමාර් ධර්මසේන, සනත් කලූපෙරුම, රොෂාන් මහානාම, අසංක ගුරුසිංහ ඇතුළු පළමු පෙළ කි‍්‍රකට් ක්‍රීඩකයන් රැසක් ද තවත් විශිෂ්ඨයින් රැසක් ද රටට දායාද කළේ ධර්ම ගුණසිංහ මහතාගේ සමයේ වන අතර ඒ නාලන්දාවේ ස්වර්ණමය යුගයක් බව එහි ආදි සිසුන්ගේ අදහස වේ.
මෙරට කීර්තිධර සාහිත්‍යධරයකු වූ ආචාර්ය සිරි ගුණසිංහ මහතාගේ සහෝදරයා වූ ධර්ම ගුණසිංහ මහතා තම පැරණිතම මිතුරා වන ආචාර්ය ඒ ටී ආරියරත්න මහතා සමඟ එක්ව සර්වෝදය ව්‍යාපාරය අරඹන්නට කටයුතු කළ අන්දම ගුණදාස ලියනගේ මහතාගේ දෙල්ගහයට විප්ලවය ග්‍රන්ථයේ සඳහන් වේ.
රෝගාතුර වන අවස්ථාව දක්වාත් ඔහු සර්වෝදය ව්‍යාපාරයේ භාණ්ඩාගාරිකවරයා විය.
අවිවාහකයකු වන ගුණසිංහ මහතා සිය ජීවිත කාලයම කැප කරන ලද්දේ පාසල් දරුවන් වෙනුවෙනි.
ධර්ම ගුණසිංහ මහතාගේ දේහය හෙට (23) පෙරවරු 8.30 සිට ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර ඇති අතර අනිද්දා (24) පෙරවරු 8.30 සිට නාලන්දා විද්‍යාලයීය මලලසේකර ශාලාවේ තැන්පත් කර තැබෙනු ඇත.
එදින පස්වරු සිට 3.30 ට අවමංගල්‍ය පෙරහර පාසලෙන් පිටත්වන අතර පස්වරු 4 ට බොරැල්ල කනත්තේ දී අවසන් කටයුතු සිදු කෙරේ.
වත්මන් අර්බුද විසඳීමට පාඨලී චම්පික රණවක මහතා නිවැරදි වැඩපිළිවෙළක් ඉදිරිපත් කර ඇතැයි ශ්‍රී ලංකා මහජන පක්ෂය සඳහන් කළේය .
රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු රථවාහන රාජකාරියේ නිරත පො
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.
රාජ්‍ය අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම්වරියකට, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු දුරකථනයෙන් තර්ජනය කල බව පවසමින් එම ලේකම්වරිය අද (29) පැමිණිල්ල
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ධර්ම ගුණසිංහ අභාවප්‍රාප්ත වෙයි
චමින්ද Wednesday, 22 January 2020 08:38 AM
නිවන් සුව අත්වේවා !
Mohan Wednesday, 22 January 2020 09:45 AM
ගුරු පියාණෙනි. ඔබට නිවන්සුව.!
sas Wednesday, 22 January 2020 10:00 AM
එතුමාට නිවන් සුව අත්වේවා !
Chinthaka Vithanage Wednesday, 22 January 2020 10:41 AM
ගුරු පියාණනි ... ඔබගේ නිහතමානී කමට , අවංක කමට මම ගරු කලා... නිවන් සුව ලැබේවා......!!
dilum Wednesday, 22 January 2020 10:47 AM
ඔබගේ නායකත්වය යටතේ නාලන්දාවේ ඉගෙනීමට ලැබීමත් මට මහත් භාග්‍යයක්. ඔබගේ උපන්දිනයට සෑම වසරකම පවත්වන බෝධි පූජාවට දින 2 යි තිබුනේ. ඔබ උපන් දවසෙම අවසන් ගමන් යනවා. ඔබට නිවන් සුව !!!
Chandana F Wednesday, 22 January 2020 11:23 AM
විශිෂ්ඨයකුගේ නිමාව....... ඔබතුමා සදා මතකයේ රැඳේවී. නිවන් සුව !
මුණසිංහ Wednesday, 22 January 2020 11:31 AM
අති දක්ෂ විදුහල්පතිවරයෙක්. අද මෙවැන්නන් ඉතා විරලයි. නිවන් සුව පතමු !
Bamunuarachchi Wednesday, 22 January 2020 01:10 PM
1970 ගණන්වල මගේ දරුවා පාසලට ඇතුළත් කර ගත්තාට ස්තූතියි. ඔබට නිවන් සුව ලැබේවා !
සැල්ටෝන් Wednesday, 22 January 2020 10:46 PM
බමුණු පච කෙලින්න එපා. මෙතන වැදගත් අවස්ථාවක්.
Ajith NissankaThursday, 23 January 2020 02:20 AM
මම ප්‍රාථමික අද්යාපනය හදාරන කාලයේ එතුමා එහි නියෝජය විදුහල්පති තුමා ! එතුමාගේ ඇති මහත් කැප කිරීම නිසා නාලන්ද ප්‍රාථමිකය ඉතා විශිෂ්ට තත්වයකට පැමිණුනා ! ඔබට නිවන් සුව !
Ajith NissankaThursday, 23 January 2020 02:20 AM
මම ප්‍රාථමික අද්යාපනය හදාරන කාලයේ එතුමා එහි නියෝජය විදුහල්පති තුමා ! එතුමාගේ ඇති මහත් කැප කිරීම නිසා නාලන්ද ප්‍රාථමිකය ඉතා විශිෂ්ට තත්වයකට පැමිණුනා ! ඔබට නිවන් සුව !