ක‍්‍රිස්බ්‍රෝ 2020 දින දසුන සේවක දූ දරුවන්ගේ සිතුවමින් හැඩගැන්වෙයි

    December, 12, 2019

    ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම හා විශාලතම කුකුළු මස් නිෂ්පාදකයා වන ක‍්‍රිස්බ්‍රෝ සමාගම, ප‍්‍රජාව සහ සිය සේවකයින් පිළිබඳව පවතින දැඩි අවධානය එලෙසම පවත්වාගෙන යමින් ක‍්‍රිස්බ්‍රෝ සමූහයේ 2020 දින දර්ශනය දීපව්‍යාප්තව විසිර සිටින සිය සේවකයින්ගේ දූදරුවන්ගේ සිතුවම්වලින් හැඩ ගන්වා ඇත.

    ක‍්‍රිස්බ්‍රෝ සමූහයේ මානව සම්පත් අංශය විසින් දීපව්‍යාප්තව ක‍්‍රිස්බ්‍රෝ ව්‍යාපාරික මධ්‍යස්ථාන 18හි සේවයෙහි නිරතවී සිටින සිය සේවක සේවිකාවන්ගේ දරුවන් වෙනුවෙන් පැවැත්වූ සිතුවම් තරගයෙන් තෝරා ගනු ලැබූ දර්ශනීය චිත‍්‍ර 12ක් මෙලෙස 2020 වසරේ දින දර්ශනයට ඇතුළත් කර ඇත. මෙම චිත‍්‍ර තරගය සඳහා දරුදැරියන් 176 දෙනෙකු සිතුවම් ඉදිරිපත් කළ අතර කණිෂ්ඨ, නව යොවුන් සහ ජ්‍යෙෂ්ඨ වශයෙන් කාණ්ඩ තුනක් යටතේ මෙය සංවිධානය විය.

    ක‍්‍රිස්බ්‍රෝ සමූහය විසින් සිය ආයතනික සමාජ වගකීම් ප‍්‍රවේශය යටතේ සිදු කරන හරිත සත්කාර, දිරිසවිය, ප‍්‍රජා අරුණ, ක‍්‍රිස්බ්‍රෝ නේක්ස්ට් චෑම්ප් සහ සුවශක්ති යන තේමාවන්ගෙන් එක් තේමාවක් යටතේ සිතුවම් ඉදිරිපත් කිරීමට දරුදැරියන්ට දන්වන ලදි.

    තරගය සඳහා ඉදිරිපත් කළ චිත‍්‍ර නිර්මාණයන් අතුරින් 18ක් තෝරා ගත් අතර ඒ සඳහා ගම්පොල කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂවරයා සම්පත් දායකයකු ලෙස මීට සම්බන්ධ විය. තෝරා ගන්නා ලද 18 දෙනා අතුරින් විශිෂ්ටතම චිත‍්‍ර 12 ක‍්‍රිස්බ්‍රෝ දින දර්ශනයටත්, ඉතිරි සිතුවම් 6 සෑම වසරකදීම ක‍්‍රිස්බ්‍රෝ සමාගම සියලූ සේවකයින්ගේ දූදරුවන් වෙත ප‍්‍රදානය කෙරෙන අභ්‍යාස පොත්වල පිටකවරය සැරසීම සඳහා භාවිතයට ගන්නා ලදි.

    2020 ක‍්‍රිස්බ්‍රෝ දින දර්ශනය ජයග‍්‍රාහී දූදරුවන්ගේ සිතුවම් වලට අමතරව එහි නිර්මාණකරු සහ ඔහුගේ හෝ ඇයගේ පවුලේ සාමාජිකයින්ගේ සමූහ ඡායාරූපයකින් ද, ක‍්‍රිස්බ්‍රෝ ව්‍යාපාරික ව්‍යාපාරික මධ්‍යස්ථාන 18 අතුරින් එක් මධ්‍යස්ථානයක ඡායාරූපය සහ සාරාංශයක් ද ඇතුලත් ව ඇත.

    ‘‘ක‍්‍රිස්බ්‍රෝ සමූහය විසින් දියත් කළ මෙම ව්‍යාපෘතිය මගින් ක‍්‍රිස්බ්‍රෝ පවුලේ සෑම සාමාජිකයකු අතරම විශාල උද්යෝගයක් ඇති කළ අතර 2020 වසර සඳහා හැම අතින්ම සුවිශේෂී දින දර්ශනයක් ඉදිරිපත් කිරීමට ක‍්‍රිස්බ්‍රෝ සමූහයට හැකිවීම විශේෂත්වයක් බව කිව හැකියි. සිතුවමින් සහ එහි නිර්මාණකරු මෙන්ම ඔහුගේ පවුලේ සාමාජිකයින්ගේ සමූහ ඡායාරූපයක් ඇතුලත් වීම සහ ක‍්‍රිස්බ්‍රෝ ව්‍යාපාරික මධ්‍යස්ථානයන් පිළිබඳව කෙටි හැඳින්වීමක් මීට අන්තර්ගත වීම මගින් ක‍්‍රිස්බ්‍රෝ සාමාජිකයින්ගේ දූදරුවන්ගේ කලා කුසලතාවන් එළි දැක්වීමට වේදිකාවක් නිර්මාණය වන අතරම ගුණාත්මක බවින් පිරිපුන් නිෂ්පානදයක් බිහිකිරීම සඳහා ක‍්‍රිස්බ්‍රෝ සිදුකර ඇති දැවැන්ත ආයෝජනය පිළිබඳව සමාජය දැනුවත් කිරීමක් ද සිදුවෙනවා. එමෙන්ම සිතුවම් සඳහා තේමාවන් තෝරා ගැනීමේදී අපගේ ප‍්‍රධාන ආයතනික සමාජ ව්‍යාපෘතින් 5 සැලකිල්ලට ගැනීම තුළින් පුළුල් පරාසයක දිවෙන ක‍්‍රිස්බ්‍රෝ හි ආයතනික සමාජ සත්කාරයන් පිළිබඳව නිර්මාණාත්මක අදහසක් සමාජයට ගෙන යෑමට අපට හැකිව තිබීම මෙහි තවත් විශේෂත්වයක් ලෙස මම දකිනවා’’ යනුවෙන් ක‍්‍රිස්බ්‍රෝ සමූහයේ ජ්‍යෙෂ්ඨ අලෙවි කළමනාකාර අමෝරෙස් සෙලාර් මහතා පැවසීය.

     

    වෙළෙඳපොල ප‍්‍රමුඛයා වීමේ දැඩි අධිෂ්ඨානයෙන් යුතුව වර්ෂ 1972 දී කුකුළු පැටවුන් 100 කින් ඉතා කුඩාවට ඇරඹු ක‍්‍රිස්බ්‍රෝ ආයතනය අද වන විට තත්ත්වයෙන් සහ ගුණාත්මක බවින් යුත් අංක එක කුකුල් මස් නිෂ්පාදකයා වීමට හැකිවී තිබේ. එසේම කුකුළු පරම්පරාවන් අශ‍්‍රිතව ගොවිපළ පවත්වාගෙන යාම, අභිජනන මධ්‍යස්ථාන, බ්‍රොයිලර් ගොවිපළ, සහ කුකුළු ආහාර සැකසුම්. මධ්‍යස්ථාන ද පවත්වාගෙන යමින් මනා කළමනාකාරිත්වයෙන් යුතුව තම ව්‍යාපාරයන්හී නිරත වන ආයතනයක් ලෙස ක‍්‍රිස්බ්‍රෝ හැඳින්විය හැක. විශේෂයෙන් ගොවිපලෙන් කෑම මේසයට ^FARM TO FORK& යන සංකල්පය ක‍්‍රිස්බ්‍රෝ හී සාර්ථකත්වයට හේතු වූ තවත් ප‍්‍රධාන කරුණක් ලෙස සැලකිය හැක. ක‍්‍රිස්බ්‍රෝ සමාගම මේ වනවිට සමස්ත ශ‍්‍රී ලාංකිකයන්ටම ප‍්‍රතිලාභ රැසක් උදා කර දී ඇත. එහි කොටස් හිමියන්ට,දේශීය බඩ ඉරිඟු ගොවීන්ට, සෘජුව සහ වක‍්‍රාකාරව රැකියා සපයමින් ශ‍්‍රී ලාංකික රැකියා ක්ෂේත‍්‍රයට, අවසාන වශයෙන් සමස්ත රටටම මෙහි ප‍්‍රතිලාභ උදා කර දී ඇත.