IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


අපේක්ෂා රෝහලට මහා භාණ්ඩාගාරයෙන් මිලියන 1000 ක්

මහරගම අපේක්ෂා රෝහලට අත්‍යවශ්‍යව තිබූ ඖෂධ වර්ග 24 ක් මිල දී ගැනීම සඳහා මහා භාණ්ඩාගාරයෙන් රුපියල් මිලියන 1000 ක මූල්‍ය ප්‍රතිපාදන ලබාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය  කියයි.
 

ඒ අනුව  මේ සතිය  තුළ අත්‍යවශ්‍ය ඖෂධ  වර්ග  හදිසි  මිලදී ගැනීමේ ක්‍රමවේදය උපයෝගී කර ගනිමින් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මගින් මිල දී ගෙන මහරගම අපේක්ෂා රෝහල වෙත ලබාදීමට කටයුතු කරන බවද  අමාත්‍යාංශය  සඳහන් කළේය.
 
එමෙන්ම මේ වන විට විවිධ ඖෂධ ආනයනය කරන ආයතන ණයවර ලිපි  මගින් විවෘත කර ඇති ඖෂධ වර්ග ද ලැබෙමින් පවතින අතර, ඉදිරි මාසය තුල දී අත්‍යවශ්‍ය ඖෂධ වල හිඟය මගහරවා ගැනීමට හැකිවනු ඇති බවට අමාත්‍යාංශය   කියයි.
 
පසුගිය 05 වැනි දින සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මිය සහ සෞඛ්‍ය ලේකම් පී.එම්.එස් චාල්ස් මහත්මිය මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයා සමග පැවැති සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස මෙම රුපියල් මිලියන 1000 ක මුල්‍ය ප්‍රතිපාදන ලබාගැනීමට හැකි  වූ බව අමාත්‍යංශය සඳහන් කරයි.
 
මේ අතර මෙම ඖෂධ මිල දී ගැනීම් පිළිබදව අනුගමනය කරන ක්‍රමවේදයන් යාවත්කාලීන කිරීමටද අමාත්‍යවරියගේ අවධානය යොමු වී ඇතැයි අමාත්‍යංශය සඳහන් කරයි.



අදහස් (8)

අපේක්ෂා රෝහලට මහා භාණ්ඩාගාරයෙන් මිලියන 1000 ක්

රවින් Sunday, 08 December 2019 10:17 AM

ලේකම්වරිය කෙරෙහි නම් විශ්වාසයක් තැබිය හැකිය. මෙතුමිය නේද ඉස්සෙල්ලා මඩකලපුවේ හිටියේ? දැඩි නීතිගරුක අවංක නිලධාරිනියක් කියලා තමයි ආරංචි...

:       1       126

නන්නාදුනන හාදයා Sunday, 08 December 2019 02:03 PM

ඔව් චාර්ලස් මහත්මිය එක්ක නම් සෙල්ලම් කරන්න බැහැ. අපේ රටේ නිලධාරීන් ඔක්කොම ඒ වගේ නම් අපේ රට ගොඩ..

:       0       76

sugath Sunday, 08 December 2019 12:42 PM

අත්‍යාවශ්‍ය ඖෂධ වර්ගවල හිඟවනවිට කලින් දන්වන්නේ නැත්තේ ඇයි? හදිසි මිලදී ගැනීමේ ක්‍රමවේදය උපයෝගී කර ගනිමින් දැන් කරන්නේ වැඩි වියදමක් දරමින් ඖෂධ මිලදී ගැනීමයි. මෙවැනි දේට රෝහල් පරිපාලනය වගකිව යුතු නැද්ද?

:       12       95

ThiwSunday, 08 December 2019 02:11 PM

බෙහෙත් නෑ කිව්වම සුවපතිගෙන් අහන්න..

:       3       18

ajithSunday, 08 December 2019 03:34 PM

බෙහෙත් නෑ කිව්වම සුවපතිගෙන් අහලා හරි යන්නේ නැහැ. ඒ දේවල්වලට අනුයුක්ත කර තිබෙන නිලධාරීන් තමන්ගේ රාජකාරිය හරියට කරා නම්, මේ දේවල් වෙන්නේ නැහැ...

:       38       4

nalinSunday, 08 December 2019 02:18 PM

කොමිස් කාක්කන් තමයි ඉන්නේ... රෝහල්වලින් කල් ඇතුව ඉල්ලුම් කළත් ඔවුන් විවිධ අයථා ක්‍රියා නිසා ඖෂධ ලබාදීම ප්‍රමාද කරනවා.

:       0       38

athula Sunday, 08 December 2019 07:54 PM

අපට ඕනේ රාජ්‍ය සේවය කාටත් පොදු එකක් විදිහට අද අඳුරන කෙනෙක් නැතුව කිසිම රාජ්‍ය ආයතනයකින් වැඩක් කරගන්න ගියහම දාහක් දේවල් ඕනෑ කියනවා. අඳුරන කෙනෙක් හිටියොත් කිසිම දෙයක් ඕනේ නැහැ. අර කියපු නීතිරීති සේරම ඔවුන් විසින්ම විසිකරලා දානවා. බලමු අපේ අලුත් ජනාධිපති කියපු දේවල් කෙරේවිද කියලා. එතුමා කිව්වේ රජයේ රෝහල් තිබියදී සල්ලි දීලා බෙහෙත් ගන්නවා නම් එම සෞඛ්‍ය සේවය වැඩක් නැහැ කියලනේ.. පිටින් ගෙනඑන්න නම් මොකටද අපි අපේ බදු මුදල් වලින් මේවා නඩත්තු කරන්නේ?

:       0       10

මුණසිංහ Monday, 09 December 2019 01:14 AM

කෝ මේ ඖෂධ හිගයක් නෑ කියපු ලෝක පූජිත සුවපති?

:       3       35

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 1918 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 986 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 775 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 368 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


කුඩ්ඩාට සපෝට් කළ එස්.අයි සහ සාජන් මාට්ටු
2024 අප්‍රේල් මස 18 634 0

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක


අනතුරින් තුවාල ලැබූ සිසුවා මියයයි
2024 අප්‍රේල් මස 18 575 0

හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1505 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1407 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site