ආයතන 23 විමර්ශන ඇතුළත් කෝප් වාර්තාව පාර්ලිමේන්තුවට

ආයතන 23ක විමර්ශන ඇතුළත් කෝප් කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට

by Staff writer 23-10-2019 | 7:36 AM
COLOMBO (News 1st) - ආයතන 23ක විමර්ශන ඇතුළත් කෝප් කමිටු වාර්තාවක් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ. කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කළේ, 2018 වසරට අදාළව මෙම වාර්තාව ඉදිරිපත් කරන බව ය. මේ අතර අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයට පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ වාර්තාව ද අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව එම කමිටුවේ සභාපති නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා පැවසුවේ ය.