ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 06-10-2019 | 6:25 AM
1. ශ්‍රී ලාංකික දේශපාලන ඉතිහාසයේ පළමු වරට ජනාධිපති අපේක්ෂකයින් රැසක් එකම වේදිකාවක: මෙරට දේශපාලන ඉතිහාසයේ පළමු වරට ජනාධිපති අපේක්ෂකයින් එකම වේදිකාවකට කැඳවූ මහජන වේදිකාව ඊයේ පස්වරුවේ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්විය. 2. නිදහස් පක්ෂය ගෝඨාට ඉදිරිපත් කළ යෝජනා 17ටම එකඟයි – ඩලස් අලහප්පෙරුම: ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කළ ඉල්ලීමට අනුව ඉදිරි මැතිවරණවලදී පුටුව ලකුණින් තරග කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකඟ වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි. 3. වැඩ වර්ජනයේ නිරත දුම්රිය සේවකයින්ට වැඩ වරදින ලකුණු: වැඩ වර්ජනයේ නිරත දුම්රිය සේවකයින් සම්බන්ධයෙන් අත්‍යවශ්‍ය සේවා විධි විධාන පනත යටතේ නීතිමය පියවර ගන්නා බව ප්‍රවාහන අමාත්‍යංශය පවසයි. 4. පළාත් රැසකට ගිගුරුම් සහිත වැසි: බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව සහ වයඹ පළාත්වලත් අනුරාධපුරය දිස්ත්‍රික්කයේත් සවස් කාලයේ සහ රාත්‍රී කාලයේ ප්‍රබල අකුණු සමග ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.