බෙහෙත් කොටන තුවක්කුවක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

බෙහෙත් කොටන තුවක්කුවක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

August 19, 2019   08:13 pm

නාවික හමුදාව සහ හම්බන්තොට වනජීවි දේපාර්තමේන්තුව එක්ව අද (19) හම්බන්තොට, සංහිදගම ප්‍රදේශයේ සිදු කළ ‍සෝදිසි කිරීමකදී බෙහෙත් කොටන තුවක්කුවක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව, දකුණු නාවික විධානයට හා හම්බන්තොට වනජීවි දේපාර්තමේන්තුව එක්ව අද සිදු කළ සෝදිසි කිරීමකදී සැක කටයුතු පුද්ගලයෙකු නිරික්‍ෂණය කර ඇත. එම පුද්ගලයා පරික්‍ෂාවට ලක් කිරීමේදී ඔහු සතුව තිබි බලපත්‍ර නොමැති කොටන තුවක්කුවක්,ඊයම්බෝල 110 ක් සහ වේඩි බෙහෙත් ග්‍රෑම් 20 ක් සොයා ගෙන ඇත.

මෙම සැකකරු වයස අවුරුදු 24 ක් වන හම්බන්තොට,සමොදාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව හඳුනාගෙන ඇති අතර, සැකකරු, කොටන තුවක්කුව, ඊයම්බෝල 110 ක් සහ වේඩි බෙහෙත් ග්‍රෑම් 20 ඉදිරි විමර්ශන කටයුතු සඳහා හම්බන්තොට, වනජීවි දේපාර්තමේන්තුව වෙත භාර දෙන ලදී.