පිළියන්දල නිවසකින් විද්‍යුත් ඩෙටනේටර් 290ක් සමඟ 4ක් අත්අඩංගුවට

පිළියන්දල නිවසකින් විද්‍යුත් ඩෙටනේටර් 290ක් සමඟ 4ක් අත්අඩංගුවට

July 15, 2019   09:07 pm

පිළියන්දල පොලිස් වසමේ හැඩිගම ප්‍රදේශයේ නිවසක තිබී විද්‍යුත් ඩෙටනේටර් 290ක් සමඟ සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අදාළ නිවසේ ඩෙටනේටර් සඟවා ඇති බවට පිළියන්දල පොලීසියට ලද තොරතුරක් මත වැටලීම සිදු කර ඇත.

පොලිස් නිලධාරීන් හා යුධ හමුදාව එක්ව සිදු කළ මෙහෙයුමෙන් ඩෙටනේටර් සමඟ නිවසේ හිමිකරු, ඔහුගේ පුතුන් දෙදෙනා සහ ඩෙටනේටර් ගෙනවිත් දී ඇති පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.

පිළියන්දල පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.