හෙරොයින් සමග ඇල්ලූ ඉරාන නැව කොළඹට රැගෙන එයි

Update : හෙරොයින් සමග ඇල්ලූ ඉරාන නැව කොළඹට රැගෙන එයි

by Staff writer 24-03-2019 | 4:15 PM
COLOMBO (News 1st) : හෙරොයින් ප්‍රවාහනය කරමින් තිබියදී අත්අඩංගුවට ගත් ඉරාන නෞකාව කොළඹ වරායට රැගෙන ආ බව පොලීසිය පවසයි. පොලිස් විශේෂ කාර්ය බලකාය, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ නාවික හමුදාව ඒකාබද්ධව සිදුකළ මෙහෙයුමකදී ඉරාන ජාතිකයින් 09 දෙනකු සමග මෙම නෞකාව දකුණු මුහුදේදී අත්අඩංගුවට ගැනිණ. නෞකාවේ හෙරොයින් කිලෝ ග්‍රෑම් 600 ක් පමණ තිබූ බවට විශ්වාස  කෙරෙන අතර වැටලීම සිදුකරන අවස්ථාවේ නෞකාවේ සිටි පුද්ගලයින් හෙරොයින් ඇසුරුම් කඩා කොටසක් මුහුදට දමා ඇති බව ද පොලීසිය පැවසී ය.