කොළඹ මාර්ග රැසක දැඩි රථ වාහන තදබදයක්...

කොළඹ මාර්ග රැසක දැඩි රථ වාහන තදබදයක්...

by Staff writer 03-12-2018 | 5:12 PM

COLOMBO (News 1st) - මේ වන විට කොළඹ ආශ්‍රිත මාර්ගවල දැඩි රථ වාහන තදබදයක් ඇතැයි පොලීසිය පවසයි.

ඒ, මරදාන එළිෆිස්ටන් රඟහල ඉදිරිපිට පැවැත්වෙන විරෝධතා රැලියක් හේතුවෙනි. පොලීසිය සඳහන් කළේ, ඩාර්ලි පාර, මරදාන අවට මාර්ගවල දැඩි රථවාහන තදබදයක් පවතින බවයි. ආර්මර් වීදිය, යුනියන් පෙදෙස ආශ්‍රිතව ද දැඩි රථවාහන තදබදයක් පවතින බව අප වාර්තාකරුවන් පැවසූහ. මේ හේතුවෙන් එම මාර්ගවල ගමන් ගන්නා රියැදුරන් විකල්ප මාර්ග භාවිතා කරන්නැයි පොලීසිය දැනුම්දී තිබේ.