විශ්වාසභංගය සම්මත වූ බව කියන්න එපා. මාධ්‍යට බලපෑම්

Published in පුවත්
Friday, 16 November 2018 17:54

අද පාර්ලිමේන්තුව හමුවේ දෙවැනිවරටත් හොර අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාව සම්මත වූ බව කතානායකවරයා දැනුම් දුන්නද. එම අවස්ථාවේ රූපමය දර්ශන හා එම තොරතුර විකාශය නොකරණ ලෙස පෞද්ගලික මාධ්‍ය ආයතන ගනනාවකට රාජපක්ෂ කල්ලියේ සහ ජනාධිපති මාධ්‍ය අංශයේ යැයි කියනු ලබන නිලධාරියකු හරහා දැඩි බලපෑම් එල්ල වෙමින් තිබෙන බව එම මාධ්‍ය ආයතන ආරංචි මාර්ග පවසයි.

කතනායකවරයාට එරෙහිව රාජපක්ෂ කල්ලියේ මන්ත්‍රීවරුන් සිදු කළ ප්‍රකාශයන්ට වැඩි ඉඩක් වෙන් කරන ලෙසද දන්වා තිබේ.

අද ජනාධිපතිවරයාගේ යෝජනව අනුව සංශෝධනය කළ විශ්වාසභංග යෝජනාවට ඡන්ද විමසූ අවස්ථාවේදි දෙවැනිවරටත් මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයාට පාර්ලිමේන්තුවේ බහුතරයේ කැමැති නැති බව තහවුරු විය. ජනාධිපතිවරයා බලාපොරොත්තු වූ ' විධිමත්' ආකාරයෙන් එම යෝජනාව සම්මත කර ගැනිමට රාජපක්ෂ ත්‍රාඩ කල්ලිය ඉඩ නොදුන් නමුත් යෝජනාව නිත්‍යානු කූලව සම්මත කර ගැනිමට කතානායක වරයා සමත් විය.

පාර්ලිමේන්තුවේ ගාලගෝට්ටිය සිදුවන අවස්ථාවේදී ජනාධිපතිවරයාද පාර්ලිමේන්තුවේ සිය නිල කාමරයට වී මෙම සිදුවීම නරඹමින් සිටි නමුත් එම තත්වයන් පාලනය කිරීම වෙනුවෙන් සිය මන්ත්‍රී කණ්ඩායමට කිසිදු උපදෙසක් හෝ නොදුන් බවද වාර්තා වේ.
කෙසේ නමුත් සියල්ල ඇස් දෙකෙන් දු‍ටු ජනාධිපතිවරයාට මෙම යොජනාව සම්මත වූ බව නොපිළිගෙන සිටීමට නොහැකිය.

Leave a comment

ld add copy

Gossip

රනිල්ගේ දරුවෝ ගේම ඉල්ලලා

රනිල්ගේ දරුවෝ ගේම ඉල්ලලා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභා රැස්වීමක් පසුගිය 27 වෙනිදා පැවැත්විලා තිබුණා. ඒ, හිටපු ජනාධිපති...

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග...

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

"පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්ද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. ඒක මම දන්නවා කවුද කළේ කියලා"

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

Connet With Us