කථානායක ධූරය අද තරම් හෑල්ලු වුණු යුගයක් ඉතිහාසයේ දැක නෑ
November 16, 2018 11:00 pm
කථානායක ධූරය අද තරම් හැල්ලුවුණු යුගයක් ඉතිහාසයේදී දැක නොමැති බවත් පාර්ලිමේන්තුව පිළිබඳව විශ්වාසයක් නොමැති වූ දිනයට රටේ දැවැන්ත කැරැළි නිර්මාණය වන බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
අමාත්‍යවරයා මෙසේ පැවසූයේ කසාගල පුරාණ රජමහා විහාරයේ පැවැති පූජෝත්වසයකට අද(16) සහභාගී වෙමිනි.