කීත් නොයාර්ට පහරදීම- හමුදා නිලධාරියා රිමාන්ඩ්

කීත් නොයාර්ට පහරදීම- හමුදා නිලධාරියා රිමාන්ඩ්

March 21, 2017   04:09 pm



මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් පහරදීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන සිටි යුද හමුදා බුද්ධි අංශ අධ්‍යක්ෂ මණ්ඩල කෝප්‍රල්වරයා ‍රක්ෂිත බන්ධනාගාරගතකර තිබේ.

ඔහු අද (21) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 30 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.

මාධ්‍යවේදී කීත් නොයර් මහතා හට පැහැර ගෙන ගොස් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ(20) රාත්‍රී මොහු අත්අඩංගුවට ගනු ලැබ ඇත.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර ද හමුදා සාමාජිකයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.