අනතුරින් 1ක් මරුට-3ක් රෝහලට

අනතුරින් 1ක් මරුට-3ක් රෝහලට

January 18, 2017   10:50 am



මීගමුව - මීරිගම මාර්ගයේ කඳවල ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් කාන්තාවක සහ ළමුන් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.

මීගමුව දෙසට ධාවනය වූ ත්‍රිරෝද රථයක් රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන විදුලි රැහැන් කණුවක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ  කාර්යාලය සඳහන් කළේය.

අනතුරින් ත්‍රිරෝද රථයේ රියදුරු, එහි ගමන් ගත් කාන්තාවක සහ පිරිමි ළමුන් දෙදෙනෙකු තුවාල ලබා මීගමුව රෝහලට ඇතුළත් කර තිබේ.

එහිදී බරපතළ තත්ත්වයේ පසු වූ ත්‍රීරෝද රථයේ රියදුරු කොළඹ ජාතික රෝහලට මාරුකර යවා ඇති අතර ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේය.

මියගොස් ඇත්තේ නාරන්ගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 54  හැවිරිදි අයෙක් බව සඳහන්ය.

අනතුර සම්බන්ධයෙන් කටාන පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.