සයුරු තෙර ගිරි තුඩග හිමිදිරි මීදුම් රැළි
සයුරු තෙර ගිරි තුඩග හිමිදිරි මීදුම් රැළි
දකුණු දිග එංගලන්තයේ 'ජුරාසික්' වෙරළ තීරයේ පිහිටි මනස්කාන්ත කඳු මුදුනක හිමිදිරි මීදුම සිය කැමරාවට හසු කර ගත්තේ ඩොර්සෙට් නගරයේ වෙසෙන ඡායාරූප ශිල්පියකු විසිනි.
ඩ්‍රෝන් කැමරාවක් ආධාරයෙන් වීඩියෝගත කරන ලද මෙම දර්ශන පෙළ ඡායාරූප ශිල්පී ජේම්ස් ලොව්රිජ් සිය සමාජ මාධ්‍ය ගිණුමක පළ කොට තිබුණි.
කෙමෙන් ඉහළ නගින සූර්යාගේ තාපය හමුවේ කඳු මුදුනෙන් නික්මෙන මීදුම මුහුදු මට්ටම වෙත ගලා බසින දර්ශනය මෙලෙස ඩ්‍රෝන් කැමරාවේ සටහන් වී තිබුණි.