දියේ ගිළී තරුණයා මරුට
September 17, 2016 11:13 am
ගම්පොල, රත්මල්කඩුව ප්රදේශයේදී දියේ ගිළීමෙන් තරුණයෙකු මියගොස් තිබේ.
තරුණයින් සිව් දෙනෙකු රත්මල්කඩුව හාඩ්ෆිල් වැවට දිය නෑමට ගොස් සිටි අතර එහිදී මෙම අනතුර සිදුව ඇති බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.
දියේ ගිළී මියගොස් ඇත්තේ වැලිගල්ල, ඇල්පිටිය ප්රදේශයේ පදිංචි 17 හැවිරිදි තරුණයෙකි.
පශ්චාත් මරණ පරීක්ෂණය අද(17) සිදු කිරීමට නියමිත අතර ගම්පොල, පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.
මේ අතර පානදුර මුහුදු තීරයේදී දිය නාමින් සිටියදී අතුරුදන් වූ තරුණයින් දෙදෙනාගේ මළ සිරුරු සොයාගෙන තිබේ.
වාද්දූව සහ පානදුර වෙරළ තීරයට ගොඩගසා තිබියදී අදාළ මළ සිරුරු සොයා ගත් බව පොලීසිය පැවසුවේය.
මියගොස් ඇත්තේ කහතුඩුව ප්රදේශයේ පදිංචිව සිටි තරුණයින් දෙදෙනෙකු බව සඳහන්ය.
ඊයේ(16) පානදුර මුහුදු තීරයේ දියනෑමට ගිය තරුණයින් සිව් දෙනෙකු දියේ ගිළී අතුරුදන් වුණි.
ඉන් තරුණයින් දෙදෙනෙකු ප්රදේශවාසීන් විසින් බේරාගෙන රෝහල් ගත කිරීමෙන් පසු එක් තරුණයෙක් මියගොස් තිබුණි.
පානදුර පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.