මුගුණුවැන්න කඩෙත් වැට් විරෝධය තියෙනවා
July 23, 2016 05:58 pm
මුගුණුවැන්න විකුණන කඩවල පවා වැට් විරෝධය සඳහන් පෝස්ටර් ගසා ඇතැයි විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.
ඒ තුළින් පෙනී යන්නේ ඇතැමුන් මෙම ජනතාව මුලාකර ඇති තරම යැයි ඒ මහතා පෙන්වාදෙයි.
අද පෙරවරුවේ රාජගිරියේ පැවැති වැඩසටහනකදී මාධ්‍යවේදීන් විසින් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඒ මහතා මේ බව පැවසීය.
28 වැනිදා පාගමනට පෙර බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමේ දී නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ රෝහලේ සිටින අයෙකු ගැන කතා කිරීමෙන් ඵලක් නැති බවය.