කලාකරුවන්ගෙන් දේව කන්නලව්වක්

කලාකරුවන්ගෙන් දේව කන්නලව්වක්

January 18, 2016   10:21 am



කලාකරුවන් පිරිසක් කතරගම පුදබිමේදී දේව කන්නලව්වක් පවත්වා ති‍බේ.

වියපත් වූ පසු කිසිවෙකු තමන් පිළිබඳ සොයා නොබලන බව පවසමින් ඊයේ රාත්‍රියේ ඔවුන් එම දේව කන්නලව්වට සහභාගී වී සිටි බව අද දෙරණ වාර්තාකරු සඳහන් කලේය.

කතරගම නගරයේ සිට කාවඩි නටමින් කතරගම දේවාලය වෙත පැමිණි කලාකරුවන් පිරිස දෙවියන්ට පූජාවක් තබා තම දුක්ගැනවිල්ල දෙවියන් හමුවේ ප්‍රකාශ කර තිබේ.

කොළඹ - නුගේගොඩ සිරිලක එක්සත් කලා සන්ධානය විසින්  මෙය සංවිධාන කර තිබූණි.