සෙප් බ්ලැටර් නැවතත් ලෝක පාපන්දුවේ සභාපතිවෙයි

සෙප් බ්ලැටර් නැවතත් ලෝක පාපන්දුවේ සභාපතිවෙයි

May 30, 2015   08:02 am

අන්තර්ජාතික පාපන්දු සංගමයේ නව සභාවතිවරයා ලෙස පස්වන වතාවටත් සෙප් බ්ලැටර් මහතා තේරී පත් වී තිබේ.    
 
79 හැවිරිදි ස්විස්ටර්ලන්ත ජාතික ඔහුට එරෙහිව විවිධ අපවාද චෝදනා නැඟුණේ තම පාලන කාලය ඇතුළත වෙනත් අය විසින් සිදුකළ ඩොලර් මිලියන 100කට වැඩි වංචා සම්බන්ධයෙන් කිසිවක් සිදුනොකළ බව කියමිනි.

කෙසේ වෙතත් ජයග‍්‍රහණය සඳහා අවශ්‍ය ඡන්ද 140 පළමු වටයේ දී ම ලබාගැනීමට ඔහු සමත් වී නොමැත.

බ්ලැටර් ඡන්ද 133ක් ලබාගත් අතර ප‍්‍රතිවාදී අලි බින් අල් හුසේන් කුමරුට හිමි කරගත වූයේ ඡන්ද 73ක් පමණි.