පොල්ගොල්ලෙන් මරණ දෙකක්

පොල්ගොල්ලෙන් මරණ දෙකක්

October 25, 2014   09:29 pm

කටුගස්තොට, පොල්ගොල්ල ප්‍රදේශයේ අද රාත්‍රී සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

යතුරු පැදියක් හා වාහනයක් එකිනෙක ගැටී අනතුර සිදුව ඇති අතර අනතුරින් මියගොස් ඇත්තේ යතුරු පැදියේ ගමන් කළ පුද්ගලයා බව පොලිස් මාධ්‍ය ඒකකය කියයි.

මේ අතර එම ප්‍රදේශයේම වැඩිහිටි කාන්තාවක්ද ලොරියකට යටවී මියගොයස් ඇත.

ලොරිය පිටුපසට ගැනීමේදී මෙම අනතුර ද සිදු බව පොලිස් මාධ්‍ය ඒකකය පවසයි.