ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරණයක් පැවැත්වීමෙන් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වෙනවා

ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරණයක් පැවැත්වීමෙන් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වෙනවා

October 19, 2014   02:10 pm

ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරණයක් පැවැත්වීම තුළින් රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වන බව ජාතික නිදහස් පෙරමුණ පවසයි.

එම පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා පෙන්වා දෙන්නේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පැවරී ඇති බලතල අනුව වසර හතරකට පසුව ජනාධිපතිවරණයක් කැඳවීමේ හැකියාව පවතින බවයි.

ඉදිරි ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ලබාදිය හැකි සෑම සහයෝගයක්ම ලබාදීමට ජාතික නිදහස් පෙරමුණ කටයුතු කරන බව කොළඹ අද(19)  පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේය.

එසේම මැතිවරණ කල්දැමීම තුළින් රටේ ප්‍රජාතන්ත්‍රවාදයට හානි වුව ද මැතිවරණ නිසි වේලාවට පැවැත්වීම මගින් එය ආරක්ෂා වන බව විමල් වීරවංශ අමාත්‍යවරයා පෙන්වා දෙයි.